අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ..- රන්ජන් කියයි.. (දාගත්තේ බාගයක්ද කාලක්දැයි අසයි..) - Neth News Blog

Apr 18, 2018

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ..- රන්ජන් කියයි.. (දාගත්තේ බාගයක්ද කාලක්දැයි අසයි..)

2015 ජනවාරි 08 වැනිදායින් පසු අගමැතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද‍්‍රන් පත් කිරීමම වැරදි බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අර්ජුන් මහේන්ද‍්‍රන් සහ බෑණා වන අර්ජුන් අලෝසියස් සමගින් එක් වී
බැදුම්කර වංචා දෙතුන් වතාවක් සිදු කර ඇති බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් බැදුම්ක වංචාවේ සියළු මුදල් අගමැතිවරයා සාක්කුවේ දාගත්තේ යයි තමන් නොකියන බවද ඔහු කියයි.

අගමැතිතුමන් පාරිශුද්ධ බොධිසත්වයෙක් යයි තමන් නොකියන බවද රාමනායක මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මීට ප‍්‍රතිචාර දක්වමින් මාධ්‍ය අමතන ලද ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කියා සිටියේ වරදක් වු බව රන්ජන් රාමනායක මහතා විසින් පිලිගෙන ඇති බවයි.

බැදුම්කර වංචාවේ මුදල් සියල්ල අගමැතිතුමන් විසින් නොගත්තේ නම් ගත්තේ බාගයක්ද කාලක්ද කියා කිව යුතු බවද ඔහු කීය.