ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා වෙත ලබාදීමට අගමැතිවරයා නිර්දේශ කර ඇතැයි අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
සම්මුතිවාදී ආණ්ඩුවේ තුල එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්කර ගෙන තිබු අමාත්‍යංශ විෂය පථයන් කිහිපයක් ඉදිරි කැබිනට් සංශෝධනයේදී දෙපාර්ශවය අතර හුවමාරු කර
ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකඟතාවයට පත්ව ඇති අතර එහිදී රටේ දිළිඳු භාවයට ස්ථිර විසඳුමක් පිරිනැමිමට එක්සත් ජාතික පක්ෂය සමෘධි අමාත්‍යංශය ඉල්ලා ඇතැයි නියෝජ්‍ය ඇමති අජිත් පි. පෙරේරා මහතා පසුගියදා පැවසිය.
සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට ලැබිම නව ගමනකට රට යොමු කිරිමට අවශ්‍ය ජවය හා ශක්තිය ලැබිමක් බව ඔහු කියා සිටියි.
ඉදිරි කැබිනට් සංශෝධනයේදී මෙතෙක් ශ්‍රීලනිපය සතුව පැවති සමෘද්ධි (සමාජ සවිබල ගැන්වීම්) හා කම්කරු අමාත්‍යංශ විෂය පථයන් එක්සත් ජාතික පක්ෂය වෙතත් එක්සත් ජාතික පක්ෂයට වෙන්කර දී තිබු උසස් අධ්‍යාපන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ විෂය පථයන් ශ්‍රීලනිපය වෙතත් පැවරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
Apr 27, 2018
සමෘද්ධි අමාත්‍යංශය ෆොන්සේකාට !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
