අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා මෙරටට උදර්පන නීතිය අනුව ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු අදාළ ආයතන විසින් මේ දක්වා සිදු කර නොමැති බව වාර්තා වේ.
මිග් යානා ගන්දෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට ආදාළව උදයංග වීරතුංග මහතාගේ ප්‍රකාශක් ලබා ගැනීමටත්, බැඳුම්කර නිකුතුව
සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයේ ප්‍රධාන සැකකරු ලෙස අර්ජුන මහෙන්ද්‍රන් මහතාට අධිකරණයෙන් අවස්ථා තුනකදී වරෙන්තු නිකුත් කර තිබේ.
මේ වනවිට වීරතුංග මහතා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන නිළධාරින් භාරයේ සිටින අතර මහෙන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ ජීවත්වන බව පැවසේ.
අදාළ පුද්ගලයන් පරීක්ෂණ සඳහා ගෙන්වා ගැනීමට නම් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යංශයට මුලින්ම දැන්විය යුතු බව පැවසේ.
වීරතුංග මහතා ගෙන්වා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ද, අර්ජුන මහතා වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ දැන්වීම් කළ යුතු බව වාර්තා වේ.
ඉන්පසුව අධිකරණ අමාත්‍යංශය අදාළ ලිපිය විදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කළ යුතුවේ.
එම ලිපි වීරතුංග මහතා හා මහෙන්ද්‍රන් මහතා දැනට සිටින එක්සත් ආරාබි එමිර් රාජ්‍යට හා සිංගප්පුරුවේ විදේශ කටයුතු අමාත්‍යංශය යොමු කිරීම සිදු කළයුතු වන්නේ විදේශ කටයුතු අමාත්‍යංශය විසිනි.
පසුව අදාළ ඉල්ලීම ඇතුළත් ලිපි අනුව එම රටවල අධිකරණ අමාත්‍යංශයට ඒවා යොමු කළ පසු එරට අධිකරණයක ඔවුන්ට එරෙහිව නඩුවක් පැවරීමට එරට අධිකරණ අමාත්‍යංශය විසින් කටයුතු කරන බව පැවසේ.
එහිදී එම අධිකරණ අමාත්‍යංශය උදර්පන නීතිය අනුව ඔවුන් පිහිටුවහල් කිරිමට ඊට බලය පැවරී ඇති ඔවුන්ගේ අධිකරණයකින් තීන්දුවක් ගතයුතු වන බවද වාර්තා වේ.
ඒ සදහා එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලින් ශ්‍රී ලංකාව වෙනුනේ නීතීඥ සහයදලබාදීමේ හැකියාවක් පවතී.
කෙසේවුවද, අදාළ පිටුහල් කිරීමට එරෙහිව ඊට අදාළ අධිකරණයක ගොනුකරන නඩුවලට එම සැකකරුවන්ට ඊට විරෝධය දැක්වීමටත් ඔවුන් වෙනුවෙන් නීතීඥයින් ඉදිරිපත් කිරීමට හැකි බව පැවසේ.
එසේ විරෝධය හා පිටුහල් කිරිමට විරෝධය සාක්ෂි සහිතව ඉදිරිපත් කළහොත් උදර්පනය කිරිම එම අධිකරණ මගින් අත්හිටවූ අවස්ථා ද ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Apr 28, 2018
උදයංග, අර්ජුන ගෙන්වගන්න තවමත් නීත්‍යානුකූලව කටයුතු කර නෑ
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
