ලෝක කම්කරු දිනය සමරන්නට පෙර නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට තීරණය කර තිබෙන බවත් එමෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශය ද බොහෝ දුරට වෙනස් වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දඹුල්ලේදී ඊයේ (27) ප්‍රකාශ කළේය.
රංගිරි දඹුල්ල රජමහා විහාර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර
අඹගස්වැවේ රාහුල ස්වාමීන් වහන්සේට සියම් මහා නිකාය අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක ධූරය සඳහා වූ සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා සංඝයා වහන්සේලා අනුශාසනා කතාවේදී ජනාධිපතිවරයාට ඉල්ලීමක් කරමින් කියා සිටියේ රංගිරි දඹුලු රජමහ විහාරස්ථානයේ සිතුවම් මෙන්ම සංරක්ෂණ කටයුතු ඇනහිටීම නිසා බරපතල ප්‍රශ්න රැසක් මතුව ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවේදී ඒ බව මතක් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ බොහෝදුරට භික්ෂූන් වහන්සේලාට සිතුම් පැතුම් ඉටුවන යුගයක් සූදානම් කොට ඇති බවයි.
ඒ පිළිබඳව දහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
" අපේ ගෞරවනීය ආචාර්ය ගොඩගම මංගල නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසනාව තුල කරුණු කිහිපයක් පැහැදිලි කළා. අපේ හාමුදුරුවනේ මම හිතනවා ඔබ වහන්සේ සඳහන් කළ කරුණු බොහෝ වෙලාවට නිරාකරණය වෙලා. තව දින දෙකකින් තුනකින් ඔබ වහන්සේලාට කරදරයක් නොමැතිව මේ කටයුතු කරන්න පුළුවන් ඇමතිවරයෙක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
ඒ ගැන මම විශේෂයෙන් අවධානය යොමු කරලා කටයුතු කරනවා. ඒ මොකද ලෝක කම්කරු දිනය මැයි දිනය උදෑසන පත්වෙන රජය අලුත් ඇමති මණ්ඩලය තුළ ඔබ වහන්සේලාගේ ප්‍රශ්නය මම විසඳලා තියෙනවා කියල බොහොම ගෞරව පූර්ව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට ඕනේ."
Apr 27, 2018
මැයි දිනයදා උදේ අලුත් කැබිනට්ටුවක් - ජනපති
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
