ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා මුණ ගැසීමට සූදානම් වනවා. ඒ, ලන්ඩන් නුවර පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුව අතරතුරයි. හිටපු අමාත්‍යවරුන් පිරිසක් ලන්ඩන් බලා ගොස් ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට පෙර මෙම සාකච්ඡාව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව නිමවා
ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදායි.
ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද රැස්වන බවට දැනටමත් වාර්තා පළ වී අවසන්. ආණ්ඩුවෙන් ඉවත් වූ 16දෙනාගේ කණ්ඩායම පවසන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවටයි. ඊට අදාළ යෝජනාවක් ඉකුත් දා පැවැති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ඉදිරිපත්ව තිබුණා. ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත්තේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදීයි.
මේ අතර සම්මුතිවාදී රජයේ මීළඟ කැබිනට් සංශෝධනය ලබන 23වනදායින් පසුව සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. එහිදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බවටයි දැනටමත් ප‍්‍රකාශ වී ඇත්තෙ.
Apr 17, 2018
ආණ්ඩුවෙන් ගිය හිටපු ඇමතිවරු ජනපති සමග සාකච්ඡාවකට ලන්ඩන් යති
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide