ලෝකයේ කිසිදු රටක හමුදාවකට පනවා නැති නීතියක්‌ එජා සංවිධානයෙන් ශ්‍රී ලංකා හමුදාවට පනවලා - Neth News Blog

Apr 17, 2018

ලෝකයේ කිසිදු රටක හමුදාවකට පනවා නැති නීතියක්‌ එජා සංවිධානයෙන් ශ්‍රී ලංකා හමුදාවට පනවලා

ලෝකයේ කිසිදු රටක හමුදාවකට පනවා නැති නියෝගයක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා හමුදාවට පනවා ඇත.

ඒ සාම සාධක බළකා සඳහා මෙරට හමුදා භට පිරිස්‌ විදේශගත කිරීමට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවසරය ලබාගත යුතු බවයි.
මේ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග ඊයේ (17 දා) විශේෂයෙන් හෙළි කළේය.

 සාම සාධක හමුදා භට පිරිස්‌ විදේශ ගත කිරීමට පෙර ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබේද යන්න නිරීක්‍ෂණය කළ යුතු බව එක්‌සත් ජාතීන් විසින් මෙරටට දන්වා ඇත්තේ මුල්වරටය.

 මේ නියෝගයට හේතුවී ඇත්තේ වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා නිලධාරීන් සාම සාධක බළකායන්ට අනුයුක්‌ත කර ඇති බවට හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා සහ කොටි ඩයස්‌පෝරාව ජිනීවා මානව හිමිකම් කොමිසමට සහ සාම සාධක බළකායේ ප්‍රධානි ලැරොයිට පැමිණිලි කිරීම නිසාය.

ඇමරිකාව ප්‍රමුඛ රටවල් 8 ක හමුදාවන්ට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා ඇතත් එම රටවලට මෙම නියෝගය පනවා නැත.

- දිවයින