දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ට අවස්ථාව නොලැබුනත් තමන් වෙනම් දේශපාලන බලවේගයකින් හෝ උතුරු මහ ඇමතිධූරය සදහා තරග කරන බව එම පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
විග්නේෂවරන් මහතා මෙසේ කියා සිටියේ මීළඟ උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මහ අපේක්ෂකයාව
සී.වි.විග්නේෂ්වරන් මහතා ඉදිරපත් නොකරන බවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් තමාව මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි කියා විශ්වාස නොකරන බවත් ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් තමා දේශපාලනය අත් නොහරින බවත් මහ ඇමතිවරයා සදහන් කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.
“මා සමගින් ඇති ආදරය නිසාත් මා අමාරුවේ වැටෙන්න හොදනෑ කියන හැගීම නිසාත් මාගේ ශිෂ්‍යයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පසුගිය දිනක මෙවන් ප්‍රකාශයක් සිදුකර සිටියා.එහි ස්වරූපය ජනතාව විසින්ම වටහා ගත යුතුයි.
අගතියට පත්වූවන්ට සාධාරණයක් හිමිවිය යුතුයි.මේකයි අපගේ ප්‍රශ්නය.අපේ ජනතාව වෙනුවෙන් අපිට කරන්න තියෙන දේවල් ගොඩක් තියෙනවා.මේ වනවිට සංවර්ධන කටයුතු සිදුකරමින් සිටිනවා.මම මීලග උතුරු මැතිවරණයේ තරග කරන්න ඕන කියල බහුතර ජනතාවගේ මතයක් තියෙනවා.මම යන හැම තැනකම පාහේ ජනතාව විසින් මෙම ඉල්ලීම සිදුකර සිටියා.මගේ ගමන ඉදිරියටම යන්න ඕන කියල ජනතාවගේ ඉල්ලීමයි.
තමිල් අරසු කච්චි පක්ෂය තුළ වූ පසුබෑමට මාව හේතුවක් කරගෙන තියෙනවා.ඇතැමුන් කණ්නාඩිය ඉස්සරහට ගිහිං තමන්වම බලාගෙන හේතු හොයන්නෙ නැතුව මොනවද කරන්නේ.දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මට ඇරයුමක් ලැබෙන්න අවස්ථාවක් නැහැ.නමුත් ජනතා පැතුම ගැන සිතා ප්‍රතිපත්තිගරුක මා සමගින් අවබෝධතාවක් ඇතිකරගන්නා වෙනම් දේශපාලන පක්ෂයකින් හෝ මා මැතිවරණයට තරග කරනු ඇති.එහෙත් පසුගිය කාලයේ වූ සිදුවීම් දෙස බැලීමේදී ඒ ආකාරයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමද ප්‍රශ්න ඇතිවීමට හැකියාව තිබෙනවා.නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගැනීම ගැන ගොඩක් උපදෙස් ලැබී තිබෙනවා.ප්‍රතිපත්තියකින් යුතුව දේශපාලන බලවේග එක්ව සන්ධානගත වී මැතිවරණයට යා යුතුයි කියලත් අදහස් ලැබෙනවා."
Apr 17, 2018
විග්නේෂ්වරන් වෙනම දේශපාලන බලවේගයකින් එන බව කියයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide