ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක් - Neth News Blog

Apr 26, 2018

ක්‍රිකට් ආයතනයට එරෙහිව රන්ජන්ගෙන් අල්ලස් පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන දුෂණ , වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමති
රන්ජන් රාමනායක මහතා පැවසුවේ ක්‍රිකට් ආයතනයේ මේ දුෂණ වංචාවලට අදාළ ලිපිගොනු රැසක්ද අල්ලස් කොමිසමට බාරදුන් බවයි.

දුෂණ වංචා සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරීන්ට , හිටපු නිලධාරීන්ට මෙන්ම හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ට ද චෝදනා එල්ල වී තිබෙන බව කී රාමනායක මහතා දුෂණ වංචා ලිපි ගොනු අද හෙටම රහස් පොලිසියට හා මූල්‍ය අපරාධ කොට්ඨාසයටද බාරදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මේ පැමිණිල්ලේ චෝදනා පරීක්ෂා කර බලා විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් කීය.

(lankadeepa.lk)