ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයට අනුව ස්ථාන 10 ක් පෙරට ඒමට ශී‍්‍ර ලංකාව සමත් වී තිබෙනවා. 2017 වසරේ ශී‍්‍ර ලංකාව පසුවූයේ මෙම දර්ශකයේ 141 වන ස්ථානයේයි. මෙවර 131 වන ස්ථානය දක්වා ශී‍්‍ර ලංකාව පෙරට පැමිණ තිබෙනවා. එහි ප‍්‍රථම හා දෙවන ස්ථානවල
පසුවන්නේ පිළිවෙලින් නෝර්වේ සහ ස්වීඩනයයි.
කෙසේවෙතත් ශී‍්‍ර ලංකාව තවදුරටත් පසු වන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබද දර්ශකයේ රතු කලාපය තුළයි. ඒ ඒ රට තුළ පවතින ජනමාධ්‍ය නිදහසේ ස්වභාවය අනුව රටවල් සුදු, කහ, තැඹිලි, රතු සහ කළු ලෙස කාණ්ඩ 5 කට වෙන් කෙරෙනවා. සුදු කලාපයට ඇතුළත් වන්නේ ජනමාධ්‍ය නිදහස ‘‘හොද’’ යැයි සම්මත රටවලූයි. මෙවර දර්ශකයේ රටවල් 17 ක් මෙම කලාපයට ඇතුළත්.
ජනමාධ්‍ය නිදහස ‘‘තරමක් හොද’’ රටවල් කහ කලාපයට ඇතුළත් කෙරෙනවා. මෙවර දර්ශකයේ අමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය ද ඇතුළුව රටවල් 30 ක් මෙම කලාපයට ඇතුළත්. තැඹිලි කලාපයට ඇතුළත් කෙරෙන්නේ ජනමාධ්‍ය නිදහස පිළිබද ගැටළු පවතින රටවලූයි. මෙවර දර්ශකයට අනුව ජපානය, ගී‍්‍රසිය, ඊශ‍්‍රායලය, භූතානය සහ නේපාලය ඇතුළු රටවල් 63 ක් මෙම කලාපයට ඇතුළත් වනවා.
ශී‍්‍ර ලංකාවද ඇතුළත් රතු කලාපයෙන් අදහස් වන්නේ ජනමාධ්‍ය නිදහස ‘‘නරක ’’ බවයි. රුසියාව, ඉන්දියාව, පකිස්තානය සහ මාලදිවයින ද මෙම කලාපයට ඇතුළත්.
ජනමාධ්‍ය නිදහස ‘‘ඉතා නරක ’’ රටවල් කළු කලාපයට ඇතුළත් වනවා. මෙවර දර්ශකයට අනුව චීනයද ඇතුළත්ව තිබෙන්නේ කළු කලාපයටයි. ලෝකයේ ජනමාධ්‍ය නිදහස ඉතා නරකම රට ලෙස උතුරු කොරියාව නම් කර තිබෙනවා.
ජනමාධ්‍ය නිදහස පිළිබද මෙම දර්ශකය සකස් කරන්නේ සීමා නොමැති වාර්තාකරුවෝ නමැති ජාත්‍යන්තර සංවිධානය විසින්.
Apr 26, 2018
මාධ්‍ය නිදහසින් ශ්‍රී ලංකාව පෙරට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
