නියම විපක්‍ෂ නායකයා මමයි.. එය හිමි මටයි..- සම්බන්ධන් - Neth News Blog

Apr 26, 2018

නියම විපක්‍ෂ නායකයා මමයි.. එය හිමි මටයි..- සම්බන්ධන්

තමන් විපක්‍ෂ නායක ධුරය දරමින් සිටින්නේ බලහත් කාරයෙන් නොවන බව විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි.

නියම අයිතිවාසිකම හා සුදුසුකම මත තමන් එය දරමින් සිටින බවත් ඉන් ඉවත් වීමේ කිසිම උවමනාවක් නැති බවත් ඔහු සදහන් කරයි.

එම ධුරය තමන් ඉල්ලා ලබා ගත් එකක් නොවන බවත් නියම
අයිතිවාසිකම මත හිමි වූ එකක් බවත් ඔහු පෙන්වා දෙයි.

කොටසක් ආණ්ඩුවේ සිටින ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසකට විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටිමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.