වසර ගණනාවක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව සටන් කලෙ සටන් සගයන් මියගොස් මෙම මස 14 වන දිනට වසරක් ගතවූවත් කුණු කන්ද එලෙස එතනම බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ප්‍රධානී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
කුණු කන්දට යටවූවන්ගේ මිනියට පවා පාලකයන් වංචාකරමින් සිටින
බවත් ලබා දෙන බව කියූ ගෙවල් ,වන්දි පවා හරි හැටි ලැබී නොමැති බවත් රටේ බොහෝ ස්ථානවල නැවතත් කුණු කඳු ගොඩ ගැසීමට පටන්ගෙන ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථාන කියා සිටියි.
මීතොට මුල්ල වෙනුවට විකල්ප කුණු දමන ස්ථාන තොරාගෙන තවත් මීතොටමුල්ලවල් රටේ අස්සක් මුල්ලක් නෑර නිර්මාණය කරමින් පවතින බවත් මේ වන විට ලොව මුහුදට කුණු දමන රටවල් අතර පස්වන ස්ථානයට වාර්ථා තැබීමට ද ලංකාවට හැකියාව ලැබී ඇති බව හෙතෙම කියා සිටියේය.
මීතොට මුල්ල කූණු කන්දේ සිදුවූ ඉරණම මීලගට කොහේ හෝ සිදුවනු ඇති බවත් ජන ජීවිත් ආරක්ෂා කිරීමට මෙරට පාලකයන්ට වුවමනාවක් නැති බවත් ඔවුන් සදහන් කර සිටියි.
එම සංගමය වැඩිදුරටත් මෙසේද කියා සිටියි
''කුණු කඳු රටවටා ගොඩ ගැසූනා විනා කුණු වලින් ප‍්‍රයෝජනයක් ගැනීමට හෝ ඒවායෙන් පොහොර නිෂ්පාදනය කර මෙරට ගොවිජනතාවට කාබනික පොහොර ලබා දීමට හො ආණ්ඩුවට හැකියාව ඇතත් ඒ කිසිවක් නොකර කුණු වලිනුත් කප්පම් ගෙන මිනිසුන් තවදුරටත් රවටමින් පරිසරයත් වනසමින් රටටම කුණු කන්දක් බවට මේ වන විට පරිවර්ථනය කර ඇත.
පිළිසරු ව්‍යාපෘතියට පණ දී කුණු වලින් ප්‍රයෝජන ගැනීමේ හැකියාව පවතිද් දී එසේ නොකර ජනතාවගේ ජීවිතයට සොචිචමකින් වන්දී දී ඔහුන් විසින් සිදුකල මීතොට මුල්ලේ ඝාතන යටගැසීමට බැරිය. ඉදිරියේදී කුණු කදුවලට යටවී මැරන ජනතාවටත් මොවුන් එසේම කරනු ඇත. නමුත් ඉදිරියට හෝ මෙවන් දේ සිදුවීමට ඇති ඉඩ කඩ අහුරා කුණු කළමණාකරනය වෙනුවෙන් අවශ්‍යට පියවරක් ගතයුතු නමුත් මහා ඛේදවාචකයක් වී තිබියදීත් කුණු ගොඩිනුත් කප්පම ගනිමින් මෙරට මැති ඇමතිවරු කුණු කඳුවලට මිනිසුන් මෙන්ම මිළ කළනොහැකි සොබාදහම බිලිදෙමින් ඇත.''
Apr 9, 2018
මීතොටමුල්ලට වසරයි : රට පුරා කුණු කඳු
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
