මැතිවරණ කල් දාන්න පාවිච්චි කරපු තුනෙන් දෙකේ බලය පාවිච්චි කර මැතිවරණයක් පවත්වන්නැයි අද (09) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නව මන්ත්‍රීවරුන් වැඩ භාරගත් අවස්ථාවට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය .
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,.
"වැඩිකල් යන්න කළින් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා අපි පාරට
බහිනවා. මේ ප්‍රේම ජවනිකාව සාර්ථක වෙන්නේ නෑ. දැන් ඩිවෝස් එක ෆයිල් කරලා ඉවරයි. නඩු තීන්දුව නැතත් දෙන්න හදවතින් ඩිවෝස් වෙලා ඉවරයි. කරුණාකරල . පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න. ජනතාවගේ ප්‍රශ්න විසදන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් තනන්න ඒ මැතිවරණය පාවිච්චි කරනවා"
"දැන් කමිටු දාගෙන එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න කට්ටියක් කථා වෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයලු සභාපති. අනේ පව් අර රනිල් මහත්තය අයින් කරල අලුත් අගමැති කෙනෙක් ගේන්න ඕන කියල අලුත් පක්ෂ නායකයෙක් ගේන්න ඕන කියපු අයට තමන්ගෙම පුටුව තමයි මාරු කරගන්න වෙලා තියෙන්නේ. කමිටුවේ ඉන්න අය තමයි කමිටුවේ පුටු මාරු කරන්නේ".
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය අනිත් පැත්තෙන් කියනවා අපි නම් යන්නේ නෑලු ඇමතිකම් දාලා. යන්න එපා කියල ජනාධිපතිතුමා කියනවලු. ඒ අයට එන්න ඕනේ. ඒ අය ඇවිල්ල විපක්ෂයේ වාඩි වෙන්න ඕන. මේ ආණ්ඩුවේ අදූරදර්ශී පාලනයට එරෙහිව විශ්වාසභංගයට ඡන්දෙ දුන්නා. විපක්ෂයේ ඇවිත් වාඩි වෙන්න ඕන. හැබැයි ජනාධිපතිතුමා කියනවා අනේ මාව දාලා යන්න එපා කියලා"යැයි පැවසීය.
Apr 9, 2018
"ඩිවෝස් එක ෆයිල් කරලා ඉවරයි" නාමල්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
