ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු අද (10) කැබිනට් සාකච්ඡාවට එක් නොවී වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඊයේ (09) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී මේ තීරණය ගෙන තිබේ.
අදාළ තීරණය ගෙන ඇත්තේ ශ්‍රීලනිප පක්ෂයේ පිරිසකට කැබිනට්
සාකච්ඡාවට එක්ව තවත් පිරිසකට ඊට සහභාගි නොවී කණ්ඩායමක් ලෙස මත දෙකක සිටීමට නොහැකිවීම නිසාය.
කෙසේවුවද, ආණ්ඩුවෙන් ඉවත්වන්නේද නැද්ද යන තීරණයට ඊයේ දිනයේදී විසඳුමක් ලබා ගැනීමට එම සාකච්ඡාවේදී නොහැකි වී තිබේ.
අවසන් තීන්දුවක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (11) යළි රැස්වීමට නියමිතය.
එතෙක් කැබිනට් සංශෝධනයක් සිදු නොවන බවද වාර්තා වේ.
Apr 9, 2018
ශ්‍රීලනිප ඇමතිවරු අද කැබිනට් වර්ජනයක !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
