අනිද්දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් - Neth News Blog

Apr 1, 2018

අනිද්දා පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අනිද්දා (04) පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් ද අද (02) පැවැත්වීමට නියමිතයි. එහිදී වාහන නවතා තබන ස්ථානය පිළිබඳව ද අවසන් තීරණයක් ගනු ඇති.

පාර්ලිමේන්තු ගැලරියේ ආසන සඳහා යම් සීමාවක් පැනවීමට සිදු
වන්නේද යන්න පිළිබඳව ද සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ.

මහජන ගැලරියේ ඇති ආසන 691න් 96ක් වෙන් වන්නේ විශේෂිත පුද්ගලයින් සඳහායි. තවත් 60ක් මාධ්‍යවේදීන් සඳහා වෙන් කර තිබෙනවා. මහජනතාවට වෙන්වන්නේ ඉතිරි ආසනයි.

මේ අතර විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීමේදී කිසියම් හෙයකින් සම වුවහොත් තීරක බලය කථානායකවරයාට හෝ එම අවස්ථාවේ එම ආසනයේ සිටින ප්‍රධානියාට හිමිවන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.