ජනාධිපතිවරයා විසින් අද (02) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා ඇති බවත් එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයෙන්
ඉල්ලා අස්වී ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහයවන්නැයි ඉල්ලා සිටිමට බොහොදුරට ඉඩ ඇති බවත්, එජාපයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (03) තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිත බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
රනිල් එක්ක වැඩකරන්න බැහැ කියලා !
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (31) දහවල් එජාප රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා, විශ්වාස භංගය පරාජය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළද තවදුරටත් ඔහු සමග එකට වැඩ කිරීමට නොහැකි බව දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයා විසින් අජිත් පී. පෙරේරා, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා යන රාජ්‍ය අමාත්‍යවරුන් පෙරේදා (31) දහවල් කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසට කැඳවා තිබු අතර එහිදී එම දැනුම්දීම කර ඇතැයි පැවසේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් එම පිරිස ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇති බවත් යම් ලෙසකින් විශ්වාස බංගය පරාජය වුවහොත් කුමක් කරන්නේදැයි ජනාධිපතිවරයා එම පිරිසගෙන් විමසීමක් කර ඇති බව 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
කෙසේවුවද එම සාකච්ඡාවට සහභාගී වූ අජිත් පී.පෙරේරා මහතා මාධ්‍යයට පවසා ඇත්තේ, 31දා වනදා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවී විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ බවත් එය ඉතා සාර්ථකවූ බවත්ය.
Apr 1, 2018
Home
Unlabelled
ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි
ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
