බඩල්ගම අලුගොල්ලේ ඉදි කෙරුණු පාලමක් විවෘත කල අවස්තාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර හා පොලිස් නිළධාරියකු අතර ඇතිවූ උණුසුම් තත්වය පිළිබඳව අප පසුගියදා වාර්තා කලා. පාලම විවෘත කල අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙකු ශබ්දවාහීනි බලපත්‍ර ඇද්දැයි විමසා පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ
හැඳුනුම්පත ඉල්ලීමත් සමඟ මෙම තත්වය ඇතිවුනා.
කෙසේ වෙතත් එම සිදුවීමෙන් අනතුරුව කොටදෙණියාව පොලීසියේ අදාල පොලිස් නිළධාරියා පසුගිය 07 වනදා සිට මීගමුව මූලස්ථාන පොලීසියට මාරුකර යවා තිබෙනවා. මන්ත්‍රීවරයාගේ හැඳුන්ම්පත ඉල්ලීම හා එ් සම්බන්ධ කරුණු පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝගයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතර එහි මුල් පියවරක් ලෙස මෙම මාරු කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මෙම සිද්දියෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ හැසිරීම විවේචනය කරමින් සමාජ ජාලා හරහා විශාල කතාබහක්ද ඇතිවුනා.
Apr 10, 2018
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත ඉල්ලූ පොලිස් නිළධාරියාට කරපු දේ...!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
