විධායක ජනාධිපති ක්‍රමට අහෝසි කිරිම සඳහා වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස ලබන 19වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබා දී බලයට
පැමිණි එජාපයටත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් එය අහෝසි කිරීමට සංශෝධනයක් ගෙනඒමට වුවමනාවක් නැති බවත් ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පෞද්ගලික මන්ත්රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බවත් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.
මේ වනවිට එහි කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අවසන් කර ඇති බවත් එම කෙටුම්පත සැකසීමේදී සංශෝධනය ගෙන එන කාල රාමුව, ඇතුළත් වන කරුණු සම්බන්ධයෙන් සහ සම්මත කරගැනීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව මෙම සංශෝධනය නිසා ආණ්ඩුකාරවරයාගේ බලය වෙනස් නොවන ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා කෙටුම්පත සැකසීමට සැලකිලිමත් වි ඇති බවත්, ඒ වගේම සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයකින් බිහි වන්නේ දුර්වල ආණ්ඩුවක් බවත් එම දුර්වල ආණ්ඩුව ආරක්ෂා කරන්නේ විධායක ජනාධිපතිවරයා බවටත් මතයක් තිබෙන බැවින් විධායක ජනාධිපත් ධුරය අහෝසි කරන සංශෝධනයකට මැතිවරණ ක‍්‍රමයේ සශෝධනයක් විය යුතු බවට කවුරුන් හෝ යෝජනා කරනවා නම් එම සංශෝධන දෙකම ඇතුල් කිරීමට වුවද සූදානම් බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Apr 10, 2018
විධායකය අහෝසි කරන 20වන ව්‍යවස්ථා සංශෝධනය ජවිපෙන් පාර්ලිමේන්තුවට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
