ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පස් දෙනෙකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත් කිරීමට අදාළ නිවේදනය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් සිය බලතල භාවිතා කරමින් එම නිවේදනය ඉදිරි දින කිපය තුළ නිකුත්
කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
ඊයේ (09) රැස්වූ පොලිස් කොමිසම මේ තීරණය ගෙන තිබේ.
අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු පස්දෙනා උසස් කිරීමට එරෙහිව පොලිස්පතිවරයාගෙන් එල්ලවී ඇති සාධාරණ නොවන විරෝධතා මත එම උසස්වීම් කිසිසේත්ම අවලංගු නොකිරීමට ද එහිදී පොලිස් කොමිසම තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වේ.
පොලිස් කොමිසමේ සාමාජිකයන් පිරිසක් එහිදී පොලිස්පතිවරයා සමඟ ගැටුමකට නොයා මේ ගැටලුව විසඳා ගැනීමට යෝජනා කර ඇති අතර තවත් පිරිසක් පවසා ඇත්තේ පොලිස් කොමිසමේ බලය පෙන්වීමට කටයුතු කළ යුතු බවයි.
කිලිනොච්චිය කොට්ඨාස භාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන හා පොලිස් දුක්ගැනවිලි අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා යන මහත්වරුන්ට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සිය විරෝධය පලකර තිබේ.
කෙසේවුවද, අදාළ දෙදෙනාට උසස්වීම් ලබාදුනහොත් පොලිස්පතිවරයා සිය ධූරය හැරයාමට සූදානමින් සිටින බවද මේ අතර වාර්තා වේ.
Apr 10, 2018
පූජිත්ගේ තනතුර අනතුරේ !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
