මලික්, එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි - Neth News Blog

Apr 8, 2018

මලික්, එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාල ලිපිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදුන් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මලික් සමරවික්‍රම මහතා මෙම තීරණය ගෙන ඇත්තේ
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයට සහාය දීමක් ලෙසය.

 මෙම ප්‍රතිසංවිධානයට සහාය දක්වමින් අමාත්‍ය කබීර් හෂීම් මහතාද එජාප මහලේකම් තනතුරින් මීට පෙර ඉල්ලා අස්විය.