මැයි 08 පාර්ලිමේන්තු මහජන ගැලරියත් වැසෙයි ! - Neth News Blog

Apr 25, 2018

මැයි 08 පාර්ලිමේන්තු මහජන ගැලරියත් වැසෙයි !

පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය පවත්වන ලබන 08 වැනිදා මහජන ගැලරිය වසා තබන බවත් සියළු ගැලරි ආරාධිත අමුත්තන්ට පමණක් විවෘතව පවතින බවත් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා කියා සිටී.

දෙවැනි සැසිවාරය උත්සවාකාරයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙන
අතර උත්සවයේ කටයුතු විදේශගතව සිටින කතානායක වරයා පැමිණි පසු සංවිධානය කරන බවත් එම මහතා සඳහන් කර ඇත.