විගනේෂ්වරන්ට ටිකට් කැපේ.. මහ ඇමතිකම නෑ.. - Neth News Blog

Apr 9, 2018

විගනේෂ්වරන්ට ටිකට් කැපේ.. මහ ඇමතිකම නෑ..

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට යලිත් උතුරු පලාත් මහඇමති අපේක්ෂකත්වය නොදෙන බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (08) යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් දැනට මහඇමති වන සී.වී. විග්නේශ්වරන් යලිත් පත් කරන්න
අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද පසුගිය වතාවෙදීත් එතුමන්ට මහඇමති ධූරය ලබා දෙද්දී එතුමන් සඳහන් කලේ වසර දෙකකට පමණයි මා මේ ධූරය දරන්නෙ කියලා එවැනි පසුබිමක් තුල යලි ඔහුට එම තනතුර දීම සුදුසුයි කියල අපි හිතන්නේ නැහැ.

– වන්නි රොමේෂ් මධුෂංඛ