පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නියමය පරිදි තුන්වැනි වරටත් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයා විසින් ඉකුත් 26 වැනිදා බ්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබීය.
එකම විෂයයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපති ලේකම්වරයකු විසින් අති
විශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර 2018 අප්‍රේල් මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වාරාවසාන කරන බවත්, පාර්ලිමේන්තුවේ මීළඟ වාරය 2018 මැයි මස 8 වැනි දින පටන් ගන්නා බවත් ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් 2018 අප්‍රේල් මස 12 වැනිදා අංක 2066/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කළේය.
එම ගැසට්පත්‍රයේ පාර්ලිමේන්තුව රැස්වන වේලාව සඳහන් කර නොමැති බව, 'මව්බිම' පුවත්පත විසින් අනාවරණය කිරීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා 2018 අප්‍රේල් මස 23 වැනිදා අංක 2068/1 දරන අති විශේෂ ගැසට්පත්‍රය මඟින් පාර්ලිමේන්තුව 2018 මැයි මස 8 වැනි දින පස්වරු 2.15ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී රැස්වන ලෙස කැඳවන බවට ජනාධිපතිවරයාගේ අණ පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාර 2018 මැයි මස 08 වැනිදා පස්වරු 2.15ට පාර්ලිමේන්තුව රැස්වන බවට එම ගැසට්පත්‍රයේ සඳහන් කර තිබීම දෝෂ සහගත බව 70 ව්‍යවස්ථාවේ (4) වැනි වගන්තිය උපුටා දක්වමින් 'මව්බිම' පුවත්පත යළිත් වරක් කරුණු දැක්වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ගැසට්පත්‍රයේ සඳහන් වරද නිවැරැදි කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් 2018 අප්‍රේල් මස 26 වැනිදා අංක 2068/24 දරන අති විශේෂ ගැසට්පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යවස්ථාවෙන් අතිගරු ජනාධිපති වෙත පැවැරී ඇති බලතල ප්‍රකාර අංක 2068/1 හා 2018 අප්‍රේල් මස 23 වැනි දිනැති අති විශේෂ ගැසට් නිවේදයෙන් නිකුත් කරන ලද ප්‍රකාශය එනම් "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යස්ථාවේ (4) වැනි අනු ව්‍යවස්ථාවෙන් මා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වන මම, වර්ෂ දෙදහස් දහඅටක් වූ මැයි මස අටවැනි දින ප.ව. 2.15ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුයි"
යන්න, "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔධ් වැනි පරිච්ඡේදයේ 70 වැනි ව්‍යස්ථාවෙන් මා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වන මම, වර්ෂ දෙදහස් දහඅටක් වූ මැයි මස අට වැනි දින ප.ව. 2.15ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු රැස්වීම් ශාලාවේදී රැස්වීම පිණිස පාර්ලිමේන්තුව කැඳවන බව මෙයින් දැනගත යුතුයි" යනුවෙන් නිවැරැදි විය යුතුවේ. යනුවෙන් ජනාධිපති ලේකම්වරයා නව ගැසට්පත්‍රයක් නිකුත් කරමින් නිවැරැදි කර ඇත.
(මව්බිම)
Apr 27, 2018
ජනපති ලේකම්ගෙන් වාර්තාවක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
