පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය ලබාගැනීම සඳහා තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
මහරගම, ඇල්හේන මාවතේ පිහිටි මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ
ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
විපක්‍ෂයේ බහුතර මන්ත්‍රීන් පිරිසක් හිමි ඒකාබද්ධ විපක්‍ෂයට විපක්‍ෂ නායකධූරය හිමි බවත්, එය ලබා ගැනීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ක්‍රියාමාර්ග රාශියක් සංවිධානය කරමින් පවතින බවද ඔහු අවධාරණය කළේය.
ගුණවර්ධන මහතා මෙසේද කීය.
"නිල විපක්‍ෂයට වඩා අපේ මන්ත්‍රීධූර වැඩියි. ඔහු පත්වුණේ වැරදි විදියටයි. මේ සත්‍ය තත්ත්වය තේරුම්ගෙන විපක්‍ෂ නායකතුමා තනතුරින් ඉල්ලා අස්වෙනවානම් හොඳයි. ඔහු ඉල්ලා අස් නොවෙනවා නම් ඔහුව තනතුරින් ඉවත් කරන්න අපි දේශීයව හා ජාත්‍යන්තරව වැඩ පිළිවෙලක් සංවිධානය කරගෙන යනවා. විරුද්ධ පක්‍ෂය ජනතාව වෙනුවෙන් හඬ නැඟිය යුතුයි.
නමුත් අපේ විපක්‍ෂනායකතුමා ජනතාවගේ දුක වේදනාව ගැන කතා කරන්නේ නැහැ. ඔහු හැමවිටම ආණ්ඩුව සමඟ එකතුවෙලා කටයුතු කරනවා. මෙහෙම විපක්‍ෂනායකවරු ලෝකයේ කොහේවත් නැහැ."
Apr 27, 2018
"විපක්ෂ නායක අස්වෙනවනම් හොඳයි - මම ඒක ගන්න සූදානම්”
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
