අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.
යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 76 ඡන්දය දුන් අතර විපක්ෂ වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 122ක් විය.
මන්ත්‍රීවරුන් 26 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභාගැබ තුළ
නොවූහ. ඒ අය අතරට ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොන්ඩමන් හා මුත්තු සිවලිංගම් ද වේ.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 54 දෙනාද ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්‌ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 16 ක්‌ද, ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රීලනිපය දෙකඩ වේ !
ආණ්‌ඩුව නියෝජනය කළ ශ්‍රීලනිප ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්‌කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්‌නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, එස්. බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්මීන් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.
මේ අතර ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්‌තාපා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මොහාන් ලාල් ග්‍රේරු, ශ්‍රියාණි විඡේවික්‍රම, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, එම්. එල්. එම්. හිස්‌බුල්ලා, ඒ. එච්. එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න, සාරතී දුෂ්මන්ත, මනූෂ නානායක්‌කාර, ඉන්දික බණ්‌ඩාරනායක, නිශාන්ත මුතුහෙට්‌ටිගම, මලිත් ජයතිලක, වීරකුමාර දිසානායක, කේ. කේ. මස්‌තාන්, ඡන්දය ප්‍රකාශ කිරීමට සභා ගැබට පැමිණ සිටියේ නැත.
එජාපෙ සමගිකල විශ්වාස භංගයක් :
එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇමැති රවුෆ් හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 07 දෙනාද, ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සමස්‌ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද, ඇමැති මනෝ ගනේෂන් මහතා ඇතුළු දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරු 06 දෙනාද, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් දෙදෙනාද ඇතුළුව එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
එසේම, විපක්‍ෂය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ද යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉදිරිපත් වූ 46 වැනි විශ්වාසභංග යෝජනාව වන අතර අගමැතිවරයකුට එරෙහිව ඉදිරිපත් වූ තුන්වන විශ්වාසභංග යෝජනාව වේ.
Apr 4, 2018
සමස්ත ප්‍රතිපලය මෙන්න : විශ්වාසභංගය පරදා රනිල් පන්සල් යයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
