රන්ජන්, තිලංගගේ සරසවි හැදිල්ල හා පොත් ගැන හෙළිකරයි ! - Neth News Blog

Apr 23, 2018

රන්ජන්, තිලංගගේ සරසවි හැදිල්ල හා පොත් ගැන හෙළිකරයි !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සෑදීමට යැයි කියමින් රුපියල් මිලියන 25ක මුදලක් හිමිනමකට දී ඇති බව සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.

ඒ මහතාගේ නිවසේ අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා
සිටියේය.

ක්‍රිකට් ආයතනයේ චෙක් ලිවීමේදී ඒවා මුද්‍රණය කර ලිවීම සමාන්‍ය ක්‍රමය වුවත් මෙය ලියා ඇත්තේ අතින් බවත් ඔහු එහිදී හෙළිකළේය.

එසේ ලියන ලද චෙක් පතේ පිටපතක්ද ඔහු පැමිණ සිටි මාධ්‍යවේදීන්ට ලබා දුන්නේය.

කෙසේවුවද, චෙක්පත ලබාගත් හිමිනමගේ නම සදාචාරත්මක හේතු මත හෙළිකිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් LION’S PRIDE නැමැති පොතක් සඳහා රුපියල් ලක්ෂ 10ක් ද, ඊට අමතරව රුපියල් ලක්ෂ 26කට ද පොතක් මුද්‍රණය කර ඇති බව ඔහු කියා සිටියේය.

එම පොතේ මෙරට කිසිදු ක්‍රිකට් චරිතයක ඡායාරූපයක් හෝ අන්තර්ගත නැතැයිද ඔහු කියා සිටියේය.

වීඩියෝව