අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් වත්මන් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීල.නි. පක්ෂ අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 16 දෙනාට විරුද්ධව විශ්වාසභංග
යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කොට තිබේ.
වත්මන් ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීම හේතුවෙන් එම අමාත්‍යවරුන් හතරදෙනා ඇතුළු රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කෙරේ ආණ්ඩුවට විශ්වාසය භංග වී ඇති බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනා දහසයක් අද (06දා) කතානායකවරයාට භාරදෙන බව එ.ජා.ප. කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ඊයේ පැවැසීය.
අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන්ටත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී.බී. ඒකනායක, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී. ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරනාත් බස්නායක යන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් විරුද්ධව වෙන වෙනම මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවට මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.
-‘මව්බිම’
Apr 5, 2018
රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
