පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු එජාප මන්ත්‍රීලා 20ක් ස්වාධීන වෙන්න සැරසෙයි - Neth News Blog

Apr 26, 2018

පක්ෂ ප්‍රතිසංවිධානය ගැන කළකිරුණු එජාප මන්ත්‍රීලා 20ක් ස්වාධීන වෙන්න සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු පත්කිරීම කිසිසේත්ම බලාපොරොත්තු වූ තරම් සතුටුදායක නොවූහෙයින්, එයට විරෝධය දැක්වීමටද පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.

පක්ෂයේ ප්‍රතිසංවිධානයක් නොවීමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පසු අනුප්‍රාප්තිකයෙකු පත් නොකිරීමත් හේතුවෙන් පසුපෙළ
මන්ත්‍රීවරුන් සිය විරෝධය දැක්වීමට නියමිතය.

පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුපෙළ මන්ත්‍රීවරුන් සාකච්ඡා කර ඇති අතර, එයට විරෝධය පාමින් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටද ඔවුන් විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡාකරමින් පවතින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි

මේ අතර පක්ෂයේ සිදුවන ක්‍රියා සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් මෙන්ම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (26දා) දිනයේදී සාකච්ඡා කළ අතර, ඉදිරියේදී ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට නියමිත බවද වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවී සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.