ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්… - Neth News Blog

Apr 17, 2018

ජනපතිගේ අති විශේෂ ගැසට් පත්‍රයේ අවුලක්.. ලංකාවට ආ සැනින් තවත් ගැසට් එකක්…

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වූවත් වේලාව සටහන් නොවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා සදහන් කළේ
මේ නිසා පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය පටන් ගන්නා වේලාව ඇතුළත් අලුත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සිදුවන බවයි.

ඒ අනුව මේ වන විට විදෙස්ගතවී සිටින ජනාධිපතිවරයා නැවත පැමිණි පසු නව ගැසට් නිවේදනය නිකුත් කරන බව ඔහු පවසනවා.