හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සපත්තු කර්මාන්ත ශාලාවක අනාරක්ෂිත තත්වයේ පිහිටි ඇමෝනියා විස දියර ටැංකියක් තුළට එහි සේවකයින් වැටීම නිසා 5 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් අද දහවල් වාර්තා විය.
ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගිය අතර තවත් 15 දෙනෙකු පමණ
රෝහල් ගත කරන්නට සිදුව තිබේ.
මුලින්ම රසායන ද්‍රව්‍ය ටැංකියකට එක් සේවකයෙකු වැටුණ බවත් ඔහු බේරාගන්නට ගොස් තවත් 4 දෙනෙකු අනතුරට ලක් වූ බවත් පරීක්ෂණවලදී හෙළිව ඇත.
පසුව ඔවුන් බේරාගැනීමට පැමිණි පුද්ගලයින්ට ද විෂ වායු අඝ්‍රාණයවී 15 දෙනෙකු පමණ රෝහල් ගත කරන්නට සිදුව ඇත. ඒ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව කියැවේ.
සිද්ධිය හේතුවෙන් ඇති වූ ශ්වසන ආබාධවලට ප්‍රතිකාර ගැනීමට මේවන විට 34 දෙනෙකු රෝහල වෙත පැමිණ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම අරඹා ඇත. කම්හලෙහි හිමිකරු ප්‍රදෙශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන අරඹා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
Apr 19, 2018
05 දෙනෙකුට දිවි අහිමි කරමින් හොරණ ඇමෝනියා ටැංකියක් කළ හදිය - කම්හලේ හිමිකරු පැන ගිහින්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide