යෝජිත කැබිනට් සංශෝධනය තුලින් අමාත්‍යවරුන් 47 දෙනෙක් පත්කිරීම සහ ඊට අදාල විෂයන් වෙන් කර ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් යොමු කල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් 6 දෙනාද ඇතුළුව 42ක අමාත්‍ය මණ්ඩලයක
යෝජනාවක් යලි ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
කෙසේ නමුත් මේ වන විට යෝජිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍යාංශයන්හි විෂය පථ විද්‍යාත්මක පදනමක් මත වෙනස් කිරීම පිළිබඳ ජනපතිගේ තීන්දුවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසකගේ අකමැත්ත හා විරෝධය එල්ලවී මෙන් අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.
ඒ අනුව අදාළ කැබිනට් සංශෝධනයේදී සියලු අමාත්‍යාංශයන්හි විෂය පථ වෙනස් නොකරන ලෙසත් කිසිසේත් එකිනෙකට නොගැළපෙන ආයතනවල වෙනස්කම් පමණක් සිදුකරන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද වාර්තාවේ.
සියලු අමාත්‍යාංශයන්හි විෂය පථ වෙනස් කරමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කළහොත් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාරක කාලය තුළදී රටට යමක් කළ නොහැකි වනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.
එමෙන්ම විවිධ අමාත්‍යාංශ මගින් ආරම්භ කර ඇති විවිධ ව්‍යාපෘති මේ වනවිට ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇති බවත්, විෂය පථ වෙනස්කිරීම තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නැවතිය හැකි බවත් මෙම අමාත්‍යවරු සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.
මේ වන විට ජනාධිපති ලේකම්වරයා හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් කෙටුම්පත් කර තිබෙන අමාත්‍ය විෂය පථයන් විද්‍යානුකූලව බෙදීමේ ලැයිස්තුවටද අමාත්‍යවරුන්ගේ විරෝධයක් පළ වී තිබේ.
මේ ආකාරයට ගැටලු මතුවුවහොත් ආණ්ඩුවේ ඉතිරි කාලසීමාවද ජනතාවට යමක් කළ නොහැකි වනු ඇති බවත් මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර මේ සම්බන්ධ තීරණයක් ගැනීමට මෙම අමාත්‍යවරුන් පිරිස තීරණය කර තිබේ.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවකින් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බවද වාර්තාවේ.
-infosrilankanews
Apr 23, 2018
යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
