කෘෂි ඇමති සිවුරු ලක්ෂයක් පූජා කරයි - Neth News Blog

Apr 25, 2018

කෘෂි ඇමති සිවුරු ලක්ෂයක් පූජා කරයි

සිවුරු ලක්ෂයක් රුවන්වැලි මහා සෑයට පූජා කිරීමේ පිනකමක් පැවැත්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුමැතියද හිමිව තිබේ.
මෙම ජාතික පින්කමේදී සිවුරු ලක්ෂයක් පින් කැමති උපාසක උපාසිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් ලබා ගැනීමටත් ලබන ජූනි මස 30 වැනි දින අනුරාධපුර රුවන්නැලි මහා සෑය අබියසදී ඒවා පූජා කිරීමට සැලසුම්
කර තිබේ.ඉන් අනතුරුව රටේ සියලු භික්ෂූන් වහන්සේලාට චීවර තුන බැගින් පූජා කිරීමට නියමිතය.

“ජාතියේ මහා චීවර පූජාව සංඝානුභාවේන - සංගායනාවකට කාලයයි “ යනුවෙන් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

රටේ සශ්‍රිකත්වය , නිසි කලට වැසි, සාමය හා ජාතීන් අතර ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ආශිර්වාදය ලබා ගැනීම මෙම පින්කමේ අරමුණ වී ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
 කෘෂිකර්ම අමාත්‍යංශය බුද්ධශාසන අමාත්‍යංශය හා එක්ව සිදුකරන මෙම පිංකම සඳහා අප්‍රේල් 29 සිට ජූනි 29 දක්වා මාස දෙකක කාලයක් වෙන් කර තිබේ.

මෙම කාලය තුළ දිවයින පුරා ඇති පන්සල් තුළ බෝධි පූජා පැවැත්වීම තුන් සූත්‍රය සජ්ඣායනය කිරීම වැනි ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.