මාතලේ දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇති ලෝක උරුම බිම්කඩක් වූ නකල්ස් රක්ෂිතයේ මහ පරිමාණ ඉඩම් කොල්ලයක් සිදුවන බව පරිසර සංවිධාන සහ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනි කවිරත්න මහත්මිය ඉඩම් අමාත්‍යවරයා සහ රජයේ වගකිවයුතු බලධාරීන්ට පවසති.
මාතලේ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී
කවිරත්න මහත්මිය පසුගිය දින ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරියේම විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ නකල්ස් අධි රක්ෂිත පරිසර කලාපයේ සහ ඒ අවට ප්‍රදේශවල වටිනා ඉඩම් රැසක් මේ වන විට පිට පළාත්වල ව්‍යාපාරිකයන්ට සහ ඇතැම් පුද්ගලයන් වෙත පවරාදීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව ය. එය ඉඩම් කොල්ලයක් ලෙස හඳුන්වා දෙන බවද ඇය පැවසුවාය.
නකල්ස් ප්‍රදේශය පරිසර සංවේදී කලාපයක් බවත් මෙම ප්‍රදේශයේ දී විවිධ ඉදිකිරීම් සහ සංචාරක හෝටල් ඉදිකිරීම් සිදුවන බවද මන්ත්‍රිවරිය වැඩිදුරටත් සඳහන් කළාය .
එමෙන්ම පෞද්ගලික සත්ව ගොවිපලක් ඉදිකිරීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් ඉහළ කඳු පන්ති ප්‍රදේශයේ අක්කර 900 ක පමණ ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයකට ලබා දී තිබෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
පරිසර සංවිධාන කිහිපයක නියෝජිතයින් ද මෙම මහා විනාශය පිළිබඳව ලිඛිතව බලධාරින් දැනුවත් කර තිබීමද විශේෂත්වයකි.
පරිසරවේදියෙකු වන සජීව චාමිකර මහතා කියා සිටියේ දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳු පන්තියේ අක්කර 21000 පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය විවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ඇමතිවරයෙකු හා වර්තමාන කැබිනට් ඇමැතිවරයකුගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබෙන බවයි. (එම අමාත්‍යාධුර දෙක දැරුවේ කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇමතිවරුන්ය)
විවිධ පුද්ගලයන්ට පැවරීම සිදුකර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් කළමනාකරණය ලැබූ වතු ඉඩම් බවද හෙතෙම සඳහන් කළේය.
නකල්ස් දුම්බර අඩවියේ දැඩි ආරක්ෂිතව පවතින අක්කර විසිඑක් දාහක පමණ භූමි ප්‍රමාණයක් මේ ආකාරයෙන් විනාශ වන්නට වුවහොත් මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ වලට ජල පෝෂක ප්‍රදේශයක් අහිමි වන බවද සජීව චාමිකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Apr 25, 2018
එජාප ප්‍රබල ඇමති දෙදෙනා දුම්බර රක්ෂිතයේ මහා ඉඩම් කොල්ලයක… එජාප මන්ත්‍රීනියක්ම හෙළිකරයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
