නව නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කිරීමේ සුදානමක් - Neth News Blog

Apr 9, 2018

නව නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කිරීමේ සුදානමක්

පාර්ලිමේන්තුව රැස්වන මීළඟ  දිනයේදී නියෝජ්‍ය කථානායක ධුරයට අලූත් තැනැත්තෙකු පත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිඛෙනවා. ඒ, තිලංග සුමතිපාලගේ ඉල්ලා අස්වීමෙන් ඇති වන පුරප්පාඩුව සඳහායි.

අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තිලංග සුමතිපාල විසින් ජනාධිපතිවරයාට භාරදී තිඛෙනවා. කෙසේ වෙතත්
ජනාධිපතිවරයා එය භාර නොගත් බවයි ඇතැම් වාර්තාවලින් කියවුණේ.

ජනාධිපතිවරයා අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගත්තද නොගත්තද නියෝජ්‍ය කථානායක ධුරයට අලූත් අයෙකු පත්කර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ අදහස වී ඇතැයි ද එම වාර්තාවලින් කියවුණා.