“එකතුවෙලා ඉන්න සමහරුන් එක්ක මේ ගමන යන්න බැහැ. මේ නිසා ලබන වෙසක් පොහොයෙන් පස්සෙ අලුත් ජාතික ව්‍යාපාරයක් පටන් ගන්නවා…..” යැයි එජාප පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.
ලංකාදීප පුවත්පත සමග අදහස් දක්වමින් නව ජාතික ව්‍යාපාරය හරහා
ජනතාව අවදි කරන අලුත් ගමනක් අරඹන බවද උන්වහන්සේ කියා සිටිති.
‘මේ ජාතික ව්‍යාපාරය හදන්නේ අපි කලින් නිර්මාණය කරපු ජාතික සභාව රටපුරා යන තැනකට පුළුල් කරමින් රටට අවංකවම ආදරය කරන දේශමාමක පිරිස් එකතු කරගෙන ජනතාව පෙළගස්වන පුළුල් දේශහිතෛෂී ගමනක් මේ ව්‍යාපාරය හරහා අරඹනවා.
රටේ යහපත් සංස්කෘතියක් හා තිරසර සංවර්ධනයක් ඇති කිරීම අපේ එකම බලාපොරොත්තුවයි. රටේ ගහ කොළ පරිසරය, ඉඩම් ටික ස්වාභාවික සම්පත්, මධ්‍යම කඳුකරය රැක ගන්න නව චින්තන දහරාවක් ඇති කරන තුරු අද සිදුවන මහා පරිසර විනාශය වළක්වන්න බැහැ. අද අප සමග එකතුවෙලා ඉන්න සමහරුන් සමග මේ ගමන යන්න බැහැ. රට ගැන අවංක ආදරයක් තියෙන පිරිස්මේ ගමනට එකතු කරගන්න සිදුවෙලා තියෙන්නේ ඒ නිසයි. අපි මේවා කරන්නේ අවංක හා පරම පවිත්‍ර චේතනාවෙන් බව කියන්න ඕනා යැයි ද රතන හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
Apr 24, 2018
“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
