8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක් - Neth News Blog

Apr 23, 2018

8 වැනිදා කළයුතු දේ ගැන මහින්දගේ ගෙදර විශේෂ සාකච්ඡාවක්

9 වැනි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ යුතු දේ සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර අද සවස 5.00ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු
ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශය, මැයි 8 වැනිදා සිදුවීමට නියමිත යැයි පැවසෙන යම් යම් දේශපාලන පෙරළි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එදිනට විපක්ෂයට පැමිණෙන හිටපු මැති ඇමැතිවරුන් පිළිබඳව සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට නියමිත යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ජේ‍යෂ්ඨ නියෝජිතයෙක්  ප්‍රකාශ කළේය.

- මව්බිම