ඉකුත් දා ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකුට ඉදිරි ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී කැබිනට් ඇමැති ධුර ලබා දී යළි එක්‌කර ගැනීමට ආණ්‌ඩුවේ සිටින එම පක්‍ෂයේ පිරිසක් රහසිගත සැලසුමක නිරතව සිටින බව දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.
මෙම තිදෙනා හිටපු රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන බවද වාර්තා
වෙයි.
මේ පිළිබඳව ආණ්‌ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්‌ඩායම නියෝජනය කරන හිටපු නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතාගෙන් දිවයින කළ විමසීමකදී කියා සිටියේ තම කණ්‌ඩායම පෙනී සිටියේ එකම අරමුණක් වෙනුවෙන් බවත් යළිත් වත්මන් අගමැති යටතේ ආණ්‌ඩුවවට කිසිවකුට එක්‌විය නොහැකි බවත්ය.
එසේම දැනට ආණ්‌ඩුවේ ඇමැති ධුර දරන කිහිප දෙනකුම ඉදිරියේදී ඇමැතිධුර අතහැර තම කණ්‌ඩායම සම`ගම ස්‌ථීරව විපක්‌ෂයට එක්‌වන බවද හෙතෙම කියා සිටියේය.
එළැඹෙන මැයි දිනයට පෙර පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද එහි තීරණය මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය වනු ඇති බවද හෙතෙම කීය.
Apr 24, 2018
ආණ්‌ඩුවෙන් ගිය 3ක් ආපසු ගන්න රහස් සැලසුමක්.
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
