මුතුරාජවෙල අභය භූමියට අයත් නොවන විවිධ පුද්ගලයින් අත්පත් කරගෙන ඇති කොටස රජයට පවරා ගැනීමට තීරණය කර ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
අක්කර දහසක් පමණ එලෙස විවිධ පුද්ගලයින් අත්පත් කරගෙන ඇති
වනජීවී දෙපාර්තමේන්තුව කියයි.
අදාළ ඉඩම්වල සීමාවන් හඳුනා ගැනීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා මේ වන විට සිදු කරමින් සිටින බවද පැවසේ.
අදාළ ඉඩම් රජයට පවරා ගැනීමට තීරණය කර ඇත්තේ, මුතුරාජවෙල අභය භූමියට සිදුවිය හැකි පාරිසරික හානි අවම කිරීමේ අරමුණින්ය.
මුතුරාජවෙලට අයත් භූමි ප්‍රමාණය අක්කර 5000කට ආසන්න වේ.
උතුරින් මීගමු කළපුවත්, දකුණින් කැලණි ගඟත්, බටහිරින් වෙරළ තීරයෙන් හා නැගෙනහිරින් කොළඹ-මීගමු ප්‍රධාන මාර්ගයට සීමා මායිම්ව පිහිටා ඇති මුතුරාජවෙල මෙරට ජෛව විවිධත්වයෙන් අනූන භූමියකි.
මෙම තෙත් බිම් පද්ධතිය සංරක්ෂණය සඳහා සැලැසුම් සකස් කිරීමට ප්‍රථම 1989 වසරේ දී සකස් කෙරුනු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක් ලෙස ද මෙම වගුරු බිම නම් කර තිබේ.
එපමණක් නොව මෙය ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක් ලෙස ද හඳුනාගෙන ඇත.
Apr 18, 2018
Home
Unlabelled
මුතුරාජවෙල ඉඩම් රජයට පවරාගැනීමට තීරණයක් !
මුතුරාජවෙල ඉඩම් රජයට පවරාගැනීමට තීරණයක් !
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.