පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්ව තිබූ මෙන්ඩිස් අරක්කු සමාගමේ හිඟ බදු මුදල් රුපියල් කෝටි 4000ක් කරුණාරත්න නමැති යුවළක් විසින් ගෙවා ඇති අතර ඔවුන් එම මුදල් උපයා ගෙන ඇති ආකාරය සහ ඔවුන් කවුරුන්ද යන වග ආණ්ඩුව රටට අනාවරණය කළ යුතුව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
කුප්‍රකට දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත එම බදු
ගිවිසුම අලුත් කරගෙන ඇති බව සඳහන් කරන උන්වහන්සේ කළු සල්ලි පොම්ප කරන පුද්ගලයන් කවුරුන්ද යන්න හෙළි කළ යුතුව ඇතැයිද අවධාරණය කරති.
මෙන්ඩිස් සමාගමේ අරක්කු නිෂ්පාදනය යළි ඇරැඹීමට තවත් රුපියල් කෝටි 4000ක් අවශ්‍ය බවට තොරතුරු ලැබී ඇතැයිද උන්වහන්සේ සඳහන් කරති. අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් යන මාමාත් _ බෑනාත් රටේ ආර්ථිකය හසුරුවන්න බැරි වනවිට ඡායාමාත්‍ර පුද්ගලයන් එවමින් ආර්ථිකයේ මර්මස්ථාන පාලනය කිරීමට අගමැතිවරයාගේත් ආණ්ඩුවේත් ආශීර්වාදය යටතේ කටයුතු කරන බවද උන්වහන්සේ ප්‍රකාශ කරති.
මහ බැංකු බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කරලා සුදනා වෙන්නට හැදුවත් එම මහා මූල්‍ය වංචාවේ ප්‍රධාන චූදිතයා වීමේ වගකීමෙන් ඔහුට මිදිය නොහැකි බවද උන්වහන්සේ කියා සිටිති.
Apr 24, 2018
Home
Unlabelled
පර්පචුවල් වෙනුවෙන් කෝටි 4,000 ක් ගෙවූ කරුණාරත්න යුවළ කවුද?
පර්පචුවල් වෙනුවෙන් කෝටි 4,000 ක් ගෙවූ කරුණාරත්න යුවළ කවුද?
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
