ඇමරිකා එක්සත් ජනපදියේ යුද හමුදා පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරන ප්‍රවර්ධන දූත පිරිසක් 10 සවස වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.
පැසිපික් කොමාන්ඩෝව නියෝජනය කරමින් පැමිණි කපිතාන් ජෙන්රිඩ්
බෙන්ටන් මහතා ඇතුලු දූත පිරිස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ආරක්ෂක සේනා මූලස්ථානයේ සාකච්ඡාවක් පැවත්වුණි.
ශ්‍රීලංකාව හා ඇමරිකාව අතර පවතින යුද හමුදා සබදතාවයන් වැඩිදියුණු කරගැනීමත් සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳව අධ්‍යනය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වී තිබුණි.
එහිදී ඇමරිකානු දූත පිරිසට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිෙගඩියර් කුමාර ජයපතිරන මහතා විසින් සමාජ සුභසාධනය හා සංහිදියාව සහජීවනය පිළිබඳ වූ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද යුද හමුදාව විසින් සාමාන්‍ය ජනතාවට සිදු කෙරෙන සමාජ සත්කාරයන් පිළිබඳව දීර්ඝ අවබෝධයක් ලබා දුණි.
වැඩසටහන අවසානයේ වන්නි ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා විසින් ඇමරිකානු දූත පිරිසට සමරු තිළිණ ප්‍රධානයක්ද සිදු කරුනු ලැබීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Apr 12, 2018
ඇමරිකන් හමුදා පිරිසක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
