බන්ධනාගාර මූලස්ථානයේ ඉහල තනතුරු ගණනාවක් වෙනස් කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව කොමසාරිස් බී.එම්.ටී. කළුආරච්චි මහතා මෙහෙයුම් හා කර්මාන්ත කොමසාරිස් ධූරයට ද ශාන්ත ප්‍රනාන්දු මහතා සැපයුම් හා
පුනරුත්ථාපන කොමසාරිස් ධූරයට ද උසස් කර තිබේ.
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා දැනට පත්කර ඇති පාලන තනතුරට අමතරව බුද්ධි හා ආරක්ෂණ තනතුරට පත්කර ඇත.
කොමසාරිස් තිස්ස ජයසිංහ මහතා (මෙහෙයුම්), කොමසාරිස් ගාමිණී ජයසිංහ (සැපයුම්) යන දෙදෙනා අප්‍රේල් 07 වැනිදා සිට විශ්‍රාම යාම හා කොමසාරිස් උපුල් රන්ජන් (පුනරුත්ථාපන) අනිවාර්ය නිවාඩු යැවීම නව පත් කිරීම්වලට හේතුව බව පැවසේ.
මේ අතර, උසස්වීම් ලැබ සිටින වැලිකඩ මැගසින් හා දුම්බර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරුන් තිදෙනා වැඩ ඉලන කොමසාරිස් තනතුරට පත්කර ඇතැයි වාර්තා වේ.
Apr 12, 2018
බන්ධනාගාරයේ පුටු පෙරළියක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
