රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට ශ්‍රීලනිපය, ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතා ගිවිසුමකට එළඹිය යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කියයි.
යූ.එන්.පී. ආණ්ඩුව පෙරළා දමා මහමැතිවරණයකට යාමට සැබෑ වුවමනාවක් ඇති නම් දැන් කළ යුතු වන්නේ මෙම කණ්ඩායම් තුන එකතු
වීම පමණක් බවද එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
“අද රටේ ජනතාව විශාල අර්බුදයකට තල්ලු වෙමින් සිටිනවා. මේ අර්බුදය නිර්මාණය වන්නේ එජාපයේ අදූරදර්ශි ක්‍රියාමාර්ග නිසයි. අප මේ අවස්ථාවේ වහා කළ යුතු වන්නේ එජාප බලය පෙරලා දැමීමයි. එසේ නොවුවහොත් මහ මැතිවරණයක් දක්වා ඇති කෙටි කාලය තුළද රජය ජනතාව වලපල්ලට ඇද දමනු ඇත. ජනතාව ඉන් මුදවා ගැනීමේ වගකීම ඒකාබද්ධ විපක්ෂයේ අපටත් පොදු ජන පෙරමුණටත්, ශ්‍රීලනිපයටත් තිබෙන බව අප අමතක කළ යුතු නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ බලය සුරකෙන පරිදි පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර එකඟතාවක් ඇති කර ගත හැකි නම් ජනාධිපතිවරයා ධුරයේ සිටියදීම මහ මැතිවරණයකට යා හැකිය.”
එසේ නොකර 2017 ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු ඉදිරිපත් කර ඔහු ජයග්‍රහණය කරවා මහ මැතිවරණයකට යාමට කටයුතු කළහොත් ඒ වන විට රටට විශාල හානියක් සිදුවිය හැකි බව අප අවබෝධ කර ගත යුතු යැයිද එම නිවේදනයේ සඳහන් වේ.
Apr 25, 2018
මෛත්‍රී බේරගෙන එජාප රජය පෙරළන්න වාසු කතා කරයි !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
