ලෝක මැයි දින සැමරුම අද (01) දිනට යේදී ඇති හෙයින් උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම යාපනය දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කොට ගනිමින් මැයි දිනය සැමරුම සැමරීමට පියවර ගෙන ඇත.
ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන මැයි රැලිය යාපනය දිස්ත්‍රීක්කයේ පැවත්වෙන අතරම ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන රැලියද, සම්ස්තලංකා දෙමළ කොන්ග්‍රසය, මාක්ස්වාදී ලෙනින් පක්ෂයේ
ප්‍රධාන රැලියද , යාපනය විශ්ව විද්‍යාල අනද්‍යන කාර්ය මණ්ඩලය මේ වන විට මැයි රැලිය අද දිනයේ සැමරීම සඳහා සූදානමින් සිටිති.
මේ අනුව ජනතා විමුක්ති පෙරමුන යාපනය නගරසභාක්‍රීඩාංගනයේදී පැවත්වීමට සූදානම් කොට ඇති අතර , දෙමළ ජාතික සන්ධානය යාපනය නෙල්ලියඩි මයිකල් ක්‍රීඩාංගනයේදී පැවත්වෙන් අතරම යාපනය විශ්ව විද්‍යාලයේ අනද්‍යාන කාර්ය මණ්ඩලය විසින් යාපනය විශ්ව විද්‍යාල වීවෘත්ත භූමියේදී පැවත්වෙන අතර, සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය විසින් යාපනය සංගිලියන් උද්‍යානය නොහොත් කිට්ටු පාක්හි මැයි දිනය සැමරෙන අතරම මාක්ස්වාදී ලෙනින් පක්ෂය විසින් වව්නියාවේදී සහ යාපනය අච්චුවේලී ක්‍රීඩාංගනයේදී පැවත්වීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මැයි දිනය සමරණ දේශපාලන පක්ෂ විසින් කියා සිටින්නේ ලෝකයම එකම දිනක මැයි දිනය සමරන අවස්ථාවක වෙනත් දිනක මැයි දිනය සැමරීමෙන් ඵලක් නොමැති හෙයින් අද දින්යේදී මැයි දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කළ බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Apr 30, 2018
ආණ්ඩුවේ නියෝග නොතකයි.. අද උතුර පුරා මැයි රැළි.. ජවිපෙත් උතුරේ..
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
