එජාප නායකත්වය බාර ගන්නැයි රංජිත් මද්දුම බණ්ඩාරට ආරාධනා.. - Neth News Blog

Apr 30, 2018

එජාප නායකත්වය බාර ගන්නැයි රංජිත් මද්දුම බණ්ඩාරට ආරාධනා..

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය බාර ගන්නා ලෙස එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ඉල්ලා ඇති බවට වාර්තා පල වෙයි.

කණ්ඩායම් දෙකක් ලෙස වාර දෙකකදී ඇමති මද්දුම බණ්ඩාර හමුව ඇති
මෙම මන්ත‍්‍රි පිරිස ඉල්ලා ඇත්තේ පක්‍ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සදහා මෙම ඉල්ලීම පිලිගන්නා ලෙසයි.

කෙසේ වෙතත් ඇමති මද්දුම බණ්ඩාර මෙම ඉල්ලීමට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැති අතර සතුටුදායක ප‍්‍රතිචාරයක් ලැබෙතැයි එජාප පසුපෙල බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද පැවසෙයි.

නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස නායකත්ව සටනට අවතීර්න නොවී ජ්‍යොතිෂය ගැනම විශ්වාසය තබමින් සිටින නිසා එජාප පසුපෙල විසින් මෙම යෝජනාව ඉදිරිත් කර ඇති බවද සදහන්ය.