පාර්ලිමේන්තු නව සැසිවාරයේදී ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් කොට නව පත්කිරීම් සිදුකිරීමට ඉඩක් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා
මහනාම හේවා පවසයි.
එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීමක් සිදුවුවහොත් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැරිය හැකි බව ද නැතිනම් නව අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුව ඉදිරියට ගෙන යා හැකි බව ද ඔහු පැවැසුවේය.
අගමැතිවරයා සම්බන්ධ දෙවැනි පරීක්‍ෂණයකට එළැඹීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ද පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයා නව සැසිවාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඇත්තේ විශ්වාසය පළ කළ නොහැකි තත්ත්වයක් බව ද හෙතෙම පැවැසීය.
කෙසේ වෙතත් මේ වන විට එ.ජා.ප.යේ ප්‍රතිසංවිධාන කටයුතුවල පවතින ගැටලු හේතුවෙන් එම පක්‍ෂය ඇතුළත කැලඹීමක් පවතින බවත් ආණ්ඩුවේම කොටසක් විපක්‍ෂයේ අසුන් ගැනීම වැනි මතභේදාත්මක තත්ත්වයන් හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව ඡන්දයකට යෑමේ වැඩි ඉඩකඩක් පවතින බව ද ඔහු පැහැදිලි කළේය.
එවැනි අවස්ථාවකදී රහස් ඡන්දයකට යෑමේ පූර්වාදර්ශ පවතින බවත් 1960 මාර්තුවේදී රාජාසන කතාව පරාජය වීම එම පූර්වාදර්ශයන්ගෙන් එකක් බවත් ප්‍රතිභා මහනාම මහතා සිහිපත් කළේය.
එසේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් පරාජය වීම යනු ආණ්ඩුව කෙරෙහි පවතින විශ්වාසය පිළිබඳ ගැටලුවක් වන හෙයින් අගමැති ධුරය හිස්වන අවස්ථා දැක්වෙන, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 (2) ආ හි පවතින වෙනත් කාරණයකදී යන වගන්තිය උපයෝගි කර ගනිමින් ජනාධිපතිවරයාට උක්ත කටයුත්ත සිදුකළ හැකි බව ද ඔහු සඳහන් කළේය.
Apr 21, 2018
අට වෙනිදා පාර්ලිමේන්තුවේ පෙරළියක්…
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
