ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරන පරණ මිත්‍රයකු සමඟ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ පැතිර ගිය මුදලට තරග පාවාදීමේ සිද්ධීන් ගැන කථා කළේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩකයකුට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබාදීමට සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම වෙනත් ක්ෂේත්‍රයකින් ජනප්‍රිය චරිතය ඇඳුම්වලට සම්බන්ධ
ව්‍යාපාරයකට අතගැසීම සඳහා ක්‍රිකට් මිතුරාට අවස්ථා කීපයකදී දුරකථන ඇමතුම්ද ලබාදී ඇති අතර එය විස වූ වර්තමාන ක්‍රීඩකයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිලි කර ඇති බව පැවසේ.
වර්තමාන ක්‍රීඩකයා ජාතික මට්ටමට පැමිණ ‘පොරක්’ වීමට පෙර ජනප්‍රිය චරිතයේ හොඳ මිතුරකුව සිටි බවත් ඔහුගේ වාහනයෙන් නිවසටද ඇරල වූ අවස්ථා බොහොමක් බවද වාර්තා වේ.
ජනප්‍රිය චරිතය තරග පාවාදීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව හේතුවෙන් දැඩි සිත්තැවුලට පත්ව සිටින බවත් මිනිසුන්ට මෙහෙම වෙනස්විය හැකිදැයි ඔහු හිතවතුන්ගෙන් විමසන බවත් වාර්තා වේ.
(දේශය)
Apr 20, 2018
ක්‍රිකට් පාවා දීමේ කතාව යට තව කතාවක් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
