ඉන්ධන වලට සැකසූ මිල සූත‍්‍රය බොහෝ දුරට අද (24) දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වනවා. බොහෝ දුරට ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනා එහි ඇතුළත් වනු ඇති බවටයි පැවසෙන්නේ. දැනට වාර්තාවන පරිදි පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 12ත් 15ත් අතර අගයකින් ඉහළ යනු ඇති. ඩීසල්
ලීටරයක මිල වැඩිවෙනු ඇතැයි පැවසෙන්නේ රුපියල් 10කින්.
අදියර 03කින් මිල සූත‍්‍රය සකස් කර තිබෙනවා. එහි නිර්දේශවලට අනුව ඉන්ධන මිල වැඩිවන්නේ මැයි මස 07වනදායින් පසුවයි. මිල සූත‍්‍රය හඳුන්වාදුන් දිනයේ සිට එහි මිල ගණන් ඉහළ යන පරිදි පළමු අදියර යටතේ යෝජනා කර තිබෙනවා. කොටස් වශයෙන් මිල ඉහළ නැංවීමට දෙවන අදියරෙන් යෝජනා කර ඇතැයි සඳහන්.
එක් ඉන්ධන වර්ගයක මිල වැඩි වශයෙන් ඉහළ යන්නේ නම් සෙසු ඉන්ධන වල මිල ඉහළ නැංවීම අඩු අගයක පවත්වා ගැනීමටයි තුන්වන අදියර යටතේ යෝජනා කර ඇත්තේ. ඉදිරියේදී කී‍්‍රයාත්මක කරන්නේ කුමන් අදියර දැයි මේවනතෙක් නිල තීන්දුවක් ගෙන නැහැ. එහෙත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවන අදියරේ යෝජනාව කි‍්‍රයාත්මක වනු ඇති බවටයි. ඒ අනුව මිල වැඩිවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ කොටස් වශයෙන්.
භූමිතෙල් සම්බන්ධයෙන්ද ඉකුත් සමයේ ගැටලූකාරී තත්ත්වයක් මතුවුණා. ඊට පිළියමක් ලෙස භූමිතෙල් මිලදී ගන්නා පුද්ගලයින්ට වවුචර් පතක් හඳුන්වා දීමටයි යෝජනා වී ඇත්තේ. කෙසේ වෙතත් නව සංශෝධනය යටතේ භූමිතෙල් මිලද ඉහළ යනු ඇති බවද සඳහන්.
ඉන්දියන් ඔයිල් සමාගම ඉකුත්දා සිය මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කළා. ඉන්පසුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ තමන් මේවනවිට පාඩු ලබමින් සිටින බවයි.
Apr 23, 2018
ඉන්ධන මිල සූත‍්‍රය අද කැබිනට් මණ්ඩලයට
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
