එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවඅද (24) යළි රැස්වීමට නියමිතව තිබේ.
අද පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ.
එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද
මේ අතර වාර්තා වේ.
නව තනතුරු 26ක්
එ.ජා.ප. ප්‍රතිසංවිධානයේදී නව තනතුරු 26ක් පමණ නිර්මාණය කෙරෙනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂ මහලේකම්වරයා පක්ෂ නායකයාගේ අභිමතය පරිදි තෝරාගන්නට තීන්දු කැරිණි.
එහෙත් පක්ෂයේ නියෝජ්‍යනායක, උපනායක හා ජාතික සංවිධායක, භාණ්ඩාගාරික ධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා ඡන්දයෙන් සුදුස්සන් තෝරා ගැනීමට දේශපාලන මණ්ඩලය තීරණය කළේය.
අලුත් තනතුරු 26ට පෙර නම් කෙරෙයි
මේ අතර, ලබන 26 වැනිදා වන විට එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කළ හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටී.
ඒ මහාතා වැඩිදුරටත් පවසන්නේ ලබන 26 වැනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සියල්ල තීන්දුවනු ඇති බවයි.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවෙන්ද ඊට සහය ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.
Apr 23, 2018
එජාප ප්‍රතිසංවිධාන රැස්වීම අද : නව තනතුරු 26ක්
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
