ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ දෙදෙනෙකු විශේෂ පණිවිඩයක් රැගෙන ජනාධිපතිවරයා හමුවීමට ලන්ඩන් නුවරට ගොස් ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මෙසේ ලන්ඩන් ගොස් ඇත්තේ, ඩිලාන් පෙරේරා හා චන්දිම වීරක්කොඩි
යන හිටපු ඇමතිවරුන් දෙදෙනා බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නිවසේදී ඊයේ (18) පැවැති 16 කණ්ඩායමේ සාකච්චාවකින් පසු හදිසියේම මෙම හිටපු ඇමතිවරුන් දෙදෙනා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය කාරක සභාව වහාම කැඳවන ලෙස ජනාධිපතිවරයාට බලපෑම් කලයුතු බවටත් එහිදී ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්කර එම යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කලයුතු බවට ඊයේ පැවති 16 දෙනාගේ කණ්ඩායමේ එකඟත්වයට පත්ව ඇත.
TB Ekanayakeමැයි 8දා විපක්ෂයේ වාඩි වෙනවා - ටී.බී. ඒකනායක
මේ අතර හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා 'ප්‍රකාශ කෙළේ, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ මැති සබයේ රතු පලස මතින් ආණ්ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට ගොස් විපක්‍ෂයේ අසුන් ගැනීමට ක්‍රියාකරන බව ය.
විපක්‍ෂයේ තම කණ්ඩායමට අසුන් වෙන් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන් බවත් ඊට අදාළ කටයුතු මේ වන විට දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදුකරගෙන යන බවත් ඒකනායක මහතා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙම 16 දෙනාගෙන් කිහිපදෙනකුම එදින පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බවද වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා සඳහන් කෙළේය.
Apr 18, 2018
16 කණඩායමේ දෙන්නෙක් ජනපති හමුවීමට ලන්ඩන් ගිහින් !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide