ගම්පහ, යටිහේන, දරණගම සී/ස සියඹලාපෙවත්ත සණස සමිතියේ වාර්ෂික විගණනය සිදු කිරීමේ නිරත වූ සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ගිණුම් වාර්තා ඉල්ලීම සම්බන්ධයෙන් කෝපවී එම සමිතියේ සභාපතිවරයා විසින් ඇය අත්බෑගයෙන් ඇද කාර්යාලයෙන් එළියට ඇද දැමීමේ සිද්ධියක් මීගහවත්ත පොලිසියෙන් වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය මීගහවත්ත පොලිසියට පැමිණිලි කර ඇති අතර සැකකාර විජේනායක නැමැති සභාපතිවරයා
පොලිසියට කැඳවා ඔහු පොලිස් ඇපමත මුදාහැර ඇති බව පැවසේ.
මෙම සණස සමිතිය දැඩි දූෂණ සහ වංචනික ක්‍රියා සහිත සමිතියක් වශයෙන් තොරතුරු හෙළිදරව් වී ඇති අතර සමිතිය තම දේශපාලන අරමුණු සදහා යොදා ගැනීමට සභාපතිවරයා පසුගිය කාලය පුරා කටයුතු කර ඇති බවට ද මේ වන විට චෝදනා එල්ලවී තිබේ.
එම සභාපතිවරයාගේ අත්තනෝමතික පාලනය සහ දූෂිත ගණුදෙණු හේතුවෙන් එම සමිතියේ සාමාජිකයන්ගේ තැන්පත් මුදල් ද අවදානමට ලක්ව ඇතැයි පැවසේ.
මෙම සියඹලාපෙවත්ත සණස සමිතියේ කටයුතු සම්බන්ධයෙන් සමූපකාර කොමසාරිස්වරයා විසින් 47 වගන්තිය යටතේ වන විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබුන ද එහි ප්‍රගතියක් නොවීම සම්බන්ධයෙන් එහි සාමාජිකයන් රහස් පොලිසියට පැමිණිලි කිරීමට සැරසෙන බවද වාර්තා වේ.
මහරගම වත්තේ ගෙදර සණස සමිතියේ සභාපතිවරයා විසින් ද මෙවැනි ක්‍රියාමාර්ග දියත් කර තිබූ අතර එක් අවස්ථාවක දී ඔහු විසින් සමූපකාර දෙපාර්තමේන්තුවෙන් පැමිණි විගණන නිලධාරීන් සිව් දෙනෙකු කාමරයකට තල්ලු කර වසා දමා විගණනය කිරීමට බාධා කර තිබුණි.
එම අවස්ථාවේ දී ද සමූපකාර කොමසාරිස්වරයා සෘජුව මැදිහත්වී එම සමිතියේ සභාපති ඇතුළු පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකිරීමෙන් විශාල විනාශයක් සිදුවිය.
Apr 9, 2018
"චණ්ඩි මල්ලි”ට ගිය සියඹලාපෙවත්ත සණස සභාපති ධූරය !
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide
