ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව පසුගිය දිනවල අතිශය කතාබහට ලක්වුණා. මෙහිදි ඇතමෙක් ප්‍රසිද්ධියේම ක්‍රිකට් පරිපාලනය විවේචනය කිරීමටද වූවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින්
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා.
මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි.
ක්‍රිකට් පාලක මණ්‌ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක් බවත්, ඩොලර් ලක්‍ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට් තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා.
මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ සිදු කරන රටේ සෑම ස්‌ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා.
විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා.
ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්‌වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
Apr 18, 2018
බැඳුම්කරයටත් වඩා ලොක ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ රංජන් හෙළිකරයි.!
Tags
# slide
About Hot News
Soratemplates is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of soratemplates is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
slide
Labels:
slide